“ජනතාව සතුරා නොවන බව පාලකයින් මතක තබා ගත යුතුයි”‍ - රාජපක්ෂ කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
05

“ජනතාව සතුරා නොවන බව පාලකයින් මතක තබා ගත යුතුයි”‍ - රාජපක්ෂ කියයි

“ජනතාව සතුරා නොවන බව පාලකයින් මතක තබා ගත යුතුයි”‍ - රාජපක්ෂ කියයි

මේ වනවිට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ හටගෙන තිබෙන දේශපාලන සහ ආර්ථික අර්බුදය නිසා ශ්‍රී ලාංකේය ජනතාව දැඩි පීඩනයකට ලක්ව සිටී.

 

 එදිනෙදා භාවිතයට ගන්නා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල පවා මිල සිතාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇත.

 

එමෙන්ම දිනකට පැය 10කට අධික කාලයක් විදුලිය කපා හැරීමද මේ දිනවල ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සිදු වෙමින් පවතී.

 

මේ හේතුවෙන් විරෝධය පලකරමින් මේ දිනවල ශ්‍රී ලංකාවේ බොහෝ උද්ඝෝෂණ පැවැත්වේ.

 

මේ අතර ලෝකයේ දැවැන්තම ක්‍රිකට් ලීගය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩා කරමින් සිටින භානුක රාජපක්ෂ මේ පිළිබඳව විශේෂ සටහනක් තම නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක් කර ඇත.

 

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ජනතාව සතුරා නොවන බව පාලකයින් මතක තබා ගත යුතු බවයි.

 

එම සටහන පහතින්... 

 

views

660 Views

Comments

arrow-up