OCT
22
කොළඹ ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පනවයි

කොළඹ ප්‍රදේශ කිහිපයකට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.
ඒ අනුව මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්පාස් සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශ සඳහා නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.
කොවිඩ් නයිටීන් වෛරස ආසාදනය පාලනය කිරීම සඳහා එම ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය පැනවු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
820 Views
Comments