ගම්පහට 5000 දෙන්න, කෝටි 36ක් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
15

ගම්පහට 5000 දෙන්න, කෝටි 36ක් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලයි

ගම්පහට 5000 දෙන්න, කෝටි 36ක් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලයි

කොවිඩ් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගම්පහ දිස්ත්‍රික් පවුල් 72,345ක් සඳහා රුපියල් 5000 බැගින් දීමනාවක් ලබාදීමට රුපියල් කෝටි 36කට අධික මුදලක් වෙන් කර දෙන ලෙස ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත.

මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පදිංචි පවුල් 72345කට මෙම දීමනාව ලබා දීමට දිස්ත්‍රික් ලේකම්වරයා යෝජනා කර ඇත.

ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ සහ ඇමැති ප්‍රසන්න රණතුංග සමග කළ සාකච්ඡාවකින් පසු දිස්ත්‍රික් ලේකම්වරයා මෙම ඉල්ලීම යොමු කර තිබේ. මෙම පවුල් ආර්ථික අපහසුතාවකට ලක්ව ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දී ඇත.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් මෙම මුදල ලබා දීමටද දිස්ත්‍රික් ලේකම්වරයා යෝජනා කර තිබේ.

තවද ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායනය වන පවුල් 2781ක් සඳහා ද මහා භාණ්ඩාගාරය රුපියල් මිලියන පහක මුදලක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත මුදා හැර ඇත. ඒ අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ සැලසීම සඳහාය.

 

views

807 Views

Comments

arrow-up