උසස් පෙළ විභාගයෙන් පසු ‘පෞද්ගලික බස් රථ’ ධාවනයෙන් ඉවත් වීමේ තිරණයක
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
15

උසස් පෙළ විභාගයෙන් පසු ‘පෞද්ගලික බස් රථ’ ධාවනයෙන් ඉවත් වීමේ තිරණයක

උසස් පෙළ විභාගයෙන් පසු  ‘පෞද්ගලික බස් රථ’ ධාවනයෙන් ඉවත් වීමේ තිරණයක

අධ්‍යාපන පොදු සහිත පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වූ වහාම දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි. කොවිඩ් වසංගතය හේතුවෙන් ලීසිං වාරික ගෙවීමට හෝ ආදායමක් නොමැතිව පාඩු ලබමින් ව්‍යාපාර කිරීමට නොහැකිවීමෙන් මෙම තීරණය ගත් බව ඔහු කියා සිටී.

කොවිඩ් වසංගතය හේතුවෙන් පෞද්ගලික බස් හිමියා මුහුණ දෙන තත්ත්වයට විසඳුම්ද ඉදිරිපත් කරමින් හිටපු ප්‍රවාහන ඇමැති මහින්ද අමරවීර වෙත පෞද්ගලික බස්රථ හිමියන් විසින් යෝජනාවක්ද ඉදිරිපත් කෙරිණි. නමුත් ඇමැතිවරයාගෙන් අමාත්‍යාංශය ඉවත්වූ පසු එම යෝජනා පිළිබඳව අදාළ බලධාරීන් කිසිදු සැලකිල්ලක් නොදැක්වූ බව ගැමුණු විජේරත්න පවසයි. පෞද්ගලික බස් රථ හිමියන්ට ගැටලුවක් ඇති බව පිළිගන්නා බලධාරීන් ඊට විසඳුම් නොදෙන්නේ නම් කළ හැකි එකම දේ ධාවනයෙන් ඉවත්වීම පමණක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ වන විට ධාවනය වන්නේද සමස්ත බස් රථ සංඛ්‍යාවන් 50%ක් පමණක් බව පැවසේ. මේ අතර සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති අංජන ප්‍රියන්ජිත් පවසන්නේ තම සංගමය උසස් පෙළ විභාගයෙන් පසු ධාවනයෙන් ඉවත් වන බවට තීන්දුවක් නොගත්තද මෙරට ප්‍රධාන බස් සංගම් හතර සමග සාකච්ඡා කොට තීන්දුවකට එළඹෙන බවයි. දිගින් දිගටම පාඩු ලබන තත්ත්වයක් හමුවේ මගී ප්‍රවාහන අධිකාරිය මගින් අයකරන ලොග් බලපත්‍ර ගාස්තු සහ මාර්ග බලපත්‍ර ගාස්තු අය කිරීම තාවකාලිකව නතර කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

 

views

824 Views

Comments

arrow-up