විදුලි කප්පාදුවෙන් කතරගම අඳුරේ - කොල්ලකෑම් ඉහලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
03

විදුලි කප්පාදුවෙන් කතරගම අඳුරේ - කොල්ලකෑම් ඉහලට

විදුලි කප්පාදුවෙන් කතරගම අඳුරේ - කොල්ලකෑම් ඉහලට

වසරකට වැඩි කාලයක් පුරා රටේම සිදු කරන විදුලි කප්පාදුව හමුවේ වන්දනා බැතිමතුන්ගෙන් ජීවත් වන කතරගම ප්‍රදේශවාසීහු දැඩි ලෙස ආර්ථික අමාරුකම්වලින් පීඩා විඳිති.

 

මේ වනවිට කතරගම පූජා භූමිය අවට කාමර නවාතැන් පළවල් පවත්වා ගෙන පිරිසක්ද සිටී. කොරෝනා තත්ත්වය පහව යෑමෙන් පසුව සංචාරකයන් පැමිණීම මේ වනවිට යහපත් වී තිබේ.

 

නමුත් වර්තමානයේ පවතින විදුලි කප්පාදුව හමුවේ වායු සමීකරණ යන්ත්‍ර හා විදුලිපංකා ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමෙන් වන්දනාවේ පැමිණෙන බැතිමතුන් දැඩි පීඩනයකට ලක්වන බව විශ්‍රාම ශාලා හිමියෝ පවසති.

 

ඇතැම් හෝටල් තුළ විදුලි ජනක යන්ත්‍ර පැවතියත් ඉන්ධන බැරල්වලට ලබා නොදීම මත එම යන්ත්‍ර ද ක්‍රියා කරවීමට නොහැකි වී තිබේ.

 

රාත්‍රි කාලයේ විදුලි කප්පාදුව නිසා කිරිවෙහෙර වන්දනා කරන බැතිමතුන්ගේ රන් මාල, මුදල් පසුම්බි සොරා ගැනීමේ ප්‍රවනතාවද වැඩිවී තිබේ.

 

එබැවින් කතරගම පුදබිම අවට ප්‍රදේශයටද විදුලිය කප්පාදුවකින් තොරව ලබාදෙන්නැයි ව්‍යාපාරිකයන් සහ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

views

265 Views

Comments

arrow-up