ප්‍රංශයෙන් ශ්‍රී ලංකාවට යුරෝ ලක්ෂ තුනක ඖෂධ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
27

ප්‍රංශයෙන් ශ්‍රී ලංකාවට යුරෝ ලක්ෂ තුනක ඖෂධ

ප්‍රංශයෙන් ශ්‍රී ලංකාවට යුරෝ ලක්ෂ තුනක ඖෂධ

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව සඳහා අවශ්‍ය යුරෝ ලක්ෂ තුනක් පමණ වටිනා අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ප්‍රංශ රජය විසින් මෙරටට පරිත්‍යාග කර තිබෙනවා.

 

ශ්වසන රෝග හා නිර්වින්දන ඖෂධ තොගයක් ඒ අතර වුණා.

 

ප්‍රංශ රජය හා එම ජනතාවගේ පරිත්‍යාගයක් ලෙසටයි අදාළ ඖෂධ තොගය පරිත්‍යාග කිරීම ප්‍රංශ තානාපතිවරයා අතින් සි කෙරුණේ.

 

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවැනි සහයෝගයක් ලබාදීමට හැකිවීම ගැන සතුටු වන බව ප්‍රංශ තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

 

ඉදිරියටත් මෙවැනි පරිත්‍යාග මෙන්ම සහන සේවා කටයුතු සඳහා සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බවයි තානාපතිවරයා කියාසිටියේ.

 

මෙරට සෞඛ්‍ය සේවාවේ කටයුතු සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවත් ඒ වෙනුවෙන් අවශ්‍ය විකල්ප ක්‍රියාමාර්ග වෙනුවෙන්ද පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මෙහිදී පෙන්වා දී තිබෙනවා.

 

පවතින ආර්ථික හා මූල්‍ය අර්බුදයට අවශ්‍ය පියවර ගනිමින් සිටින අතර සැපයුම් අංශයට බාධාවක් නොවන පරිදි අවශ්‍ය කටයුතු වෙනුවෙන් පියවර ගනිමින් සිටින බවයි ඔහු ප්‍රකාශ කළේ.

 

විශේෂයෙන් රටෙහි දේශපාලන ස්ථාවරත්වය මෙන්ම ආහාර සුරක්ෂිතතාවයත් රට සාමාන්‍ය තත්ත්වයට පත්වීමත් සමඟ සංවර්ධන කටයුතු සඳහා වන පියවර පිළිබඳවත් අමාත්‍යවරයා හා තානාපතිවරයා අතර සාකච්ඡා සිදු වී තිබෙනවා.

views

799 Views

Comments

arrow-up