SEP
30
ඔංචිල්ලාව බැඳීමට ගොස් ගෙල සිරවී දස හැවිරිදි දැරිය මියයයි

නාඋල පොලිස් වසමේ කණුමුලයාය ප්‍රදේශයේ නිවසක 10 හැවිරිදි දැරියක් ගෙල සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එම දැරිය විසින් සාලයේ බාල්කයක පුටුවක් ආධාරයෙන් ගෙල වටා දමන සළුවකින් ඔංචිල්ලාවක් බැඳීමට යාමේ දී පුටුව ලිස්සා ගොස් ඇගේ ගෙල සළුවට සිරවී ඇතැයි පොලීසියට ලද තොරතුරක් අනුව විමර්ශන ආරම්භකර තිබේ.
මියගිය දැරියගේ මෘතදේහය දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර නාඋල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
943 Views
Comments