විවාහ උත්සවයක් පැවැත්වු කොල්ලුපිටියේ තරු හෝටලයට නඩු

ඊයේ දිනයේදී කොල්ලුපිටියේ විවාහ මංගල උත්සවයක් පැවැත්වීමේ සිද්ධියට අදාළව හෝටල් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් අද දිනයේදී ප්‍රකාශ ලබාගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
"කොල්ලුපිටිය පොලිස් වසමේ ගාලුමෝදර ආසන්න තරු හෝටලයක දී විවාහ මංගල උත්සවයක් පැවැත්වෙන බවට ලද තොරතුරක් අනුව කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම ස්ථානය පරීක්ෂා කරනු ලැබුවා.
ඒ සම්බන්ධයෙන් දැනට කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ විමර්ශන කණ්ඩායමක් යොදවා තිබෙනවා. ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වනවා මේ වන විට අදාළ පාර්ශ්වයන්ගෙන් ප්‍රකාශ ලබා ගෙන තිබෙනවා.
ඒ වගේම ඊයේ දිනයේ මෙම හෝටලයේ ළමනාකාරීත්වයෙන් ප්‍රකාශ ලබා ගනු ලැබුවා අධ්‍යනයේ එම හෝටලේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව තිබෙනවා.
ඉදිරියේදී එම හෝටලයේ කළමනාකාරීත්වය ටත් ධ්‍යක්ෂක මණ්ඩලයටත් එමෙන්ම මෙම විවාහ මංගල උත්සවය සංවිධානය කළ අයට එරෙහිව නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ නඩු පැවරීමට කටයුතු කරනු ලබනවා."\
677 Views
Comments