එක්සත් ජාතීන්ට වසර 75ක් සපිරීම වෙනුවෙන් අගමැතිගෙන් පණිවුඩයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
24

එක්සත් ජාතීන්ට වසර 75ක් සපිරීම වෙනුවෙන් අගමැතිගෙන් පණිවුඩයක්

එක්සත් ජාතීන්ට වසර 75ක් සපිරීම වෙනුවෙන් අගමැතිගෙන් පණිවුඩයක්

ජාතීන් අතර මිත්‍ර සබඳතා වර්ධනය කරමින් ජාත්‍යන්තර සහයෝගීතාව වෙනුවෙන් කටයුතු කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඔක්තෝබර් 24 වනදාට වසර 75ක් සපිරේ.

 

 

කොවිඩ්-19 වසංගත තත්ත්වය විසින් මුළු ලෝකයටම වඩාත් ප්‍රබලව සිහිපත් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි සංවිධානයක තිබෙන වැදගත්කම බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

 

 

මෙවැනි සංවිධානගත වීමක් නොමැතිවුවා නම් අද ලෝකයටම නිවැරදි මාර්ගෝපදේශයන් නොලැබී යන්නට ඉඩ තිබුණු බවද රටවල් 193ක් සමාජිකත්වය දරන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් එදා මෙදාතුර ශ්‍රී ලංකාවට ලැබුණු දායකත්වය අති විශාල බවද ඒ මහතා පෙන්වාදෙයි.

 

 

එක්සත් ජාතීන්ගේ 75 වැනි සංවත්සර දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අගමැතිවරයා මේ බව සදහන් කරයි. එම සුබපැතුම් පණිවිඩයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වෙයි,

 

 

ලෝක සාමය හා ආරක්ෂාව තහවුරු කරන ප්‍රමුඛතම සංවිධානය ලෙස ජාතීන් අතර මිත්‍ර සබඳතා වර්ධනය කරමින් අන්තර්ජාතික සහයෝගීතාවය සාක්ෂාත් කරන එක්සත් ජාතීන්ගේ 75 වැනි සංවත්සරයට සුබ පැතුම් එක්කරනුයේ ඉමහත් සතුටිනි. දෙවැනි ලෝක සංග්‍රාමය අවසානයේ ලෝක සාමය සහ ආරක්ෂාවේ අවශ්‍යතාවය පිළිබිඹු කරමින් යෝජනාවන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය නිල වශයෙන් බලාත්මක වූයේ 1945 ඔක්තෝබර් 24 දාය.

 

 

එක්සත් ජාතීන්ගේ සංවිධානය තරම් නීත්‍යානුකූලභාවය, බලය කැදවීම සහ ප්‍රමිතිගත බලපෑමක් සහිත වෙනත් ගෝලීය සංවිධානයක් ලොව නොමැතිතරම්ය. මෙම සංවිධානය ආරම්භ වී වසර දහයක් ගත වනවිට 1955 දෙසැම්බර් 14 වැනිදා ශ්‍රී ලංකාවට නිල වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකත්වය හිමිවිය. මෙසේ නිල සමාජිකත්වය හිමිවන විටත් 1948 වසරේ පටන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව සමඟ අන්‍යෝන්‍ය සබඳතා ආරම්භ කර තිබිණි. එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය, යුනෙස්කෝ සංවිධානය හා ලෝක සෞඛ්‍යය සංවිධානය ඒ වනවිටත් ශ්‍රී ලංකාවේ කාර්යාල පිහිටුවමින් රටට අවශ්‍ය සාධනීය මැදිහත්වීම් කර තිබිණි.

 

 

views

702 Views

Comments

arrow-up