අවදානම් කලාපවල ජීවත්වන පවුල් අගමැති උපදෙස් මත ආරක්ෂිත ස්ථාන වල
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
17

අවදානම් කලාපවල ජීවත්වන පවුල් අගමැති උපදෙස් මත ආරක්ෂිත ස්ථාන වල

අවදානම් කලාපවල ජීවත්වන පවුල් අගමැති උපදෙස් මත ආරක්ෂිත ස්ථාන වල

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අවදානම් කලාපවල ජීවත්වන පවුල්  12,000ක් වහාම ආරක්ෂිත ස්ථාන වල පදිංචි කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරින්ට දැනුම් දී තිබෙනවා.

 

ඊයේ පාර්ලිමේන්තුවේදී පැවති සාකච්ඡාවේදී මෙම උපදෙස් ලබා දී ඇති අතර එහිදී අයහපත් කාලගුණයෙන් ආපදාවට ලක්වූ ජනතාවට සහන සැපයීම පිළිබඳ සාකච්ඡා වී තිබෙනවා.

 

ආපදාවට ලක්වූ පුද්ගලයින් 31,475ක් මේ වන විට ඔවුන්ගේ ඥාතී නිවාස වල රඳවා තිබේ.

 

දීර්ඝ කාලයක් තිස්සේ අවදානම් ප්‍රදේශවල පදිංචිව සිටින පවුල් 15,000ක් හඳුනා ගෙන තිබුණද  එයින් නැවත පදිංචි කර ඇත්තේ පවුල් 3000ක් පමණි.

 

ඒ අනුව ඉතිරි වී ඇති පවුල් 12000ම ආරක්ෂිත ස්ථානවල පදිංචි කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රඅමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

views

778 Views

Comments

arrow-up