කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් සෑම මොහොතක්ම වෙන්විය යුතුයි - අගමැති
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
08

කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් සෑම මොහොතක්ම වෙන්විය යුතුයි - අගමැති

කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් සෑම මොහොතක්ම වෙන්විය යුතුයි -  අගමැති

ජාත්‍යන්තර කාන්තා දින වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අගමැති තුමන් පවසන්නේ “රටකි, දැයකි, ලොවකි ඇය” යන තේමාව යටතේ සමරන ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුමට සුභාශිංසන පළ කරනුයේ ඉමහත් සතුටිනි බවයි

 

ලෝකයේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් එක් දිනයක් සැමරීමට ලක් වුවද සෑම මොහොතක්ම කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් වෙන්විය යුතු බව ද අගමැති තුමන් පෙන්වාදෙනවා

 

අගමැති තුමන් නිකුත් කල නිවේදනයේ වැඩි දුරට සදහන් වන්නේ , දියණියක, බිරිඳක මෙන්ම ලොව උතුම් මව් පදවියට පත්වන්නේ ද කාන්තාවකි.

 

මානව වංශය වෙනස් කළ සියලු ශාස්තෘවරුන්ගේ සිට මානව පැවැත්ම සාක්ෂාත් වන්නේ ඒ ඔස්සේය. මේ නිසා කාන්තාවන්ට සමාජය තුළ නිසි ගෞරවය නිතැතින් හිමිවිය යුතුය.

 

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවෙන් ද කාන්තා අයිතිවාසිකම්වලට මුල්තැන ලබාදෙනවා මෙන්ම ඔවුන්ව දිරිය කතුන් ලෙස සවි බල ගැන්වීම පිළිබඳව නිතැතින් අවධානය යොමු කර තිබේ.

 

කාන්තාවන්ට එරෙහි ප්‍රචන්ඩත්වය මෙන්ම වෙනස් කොට සැළකීම අප රජයක් ලෙස තරයේ හෙළා දකිමු.

 

ඔවුන්ගේ නැගී සිටීම සමාජ යහපතට යෙදී ඇති අවස්ථා අප රටක් ලෙස අත්විඳිමින් සිටියි. ඉතිහාසයේ විහාරමහ දේවියගෙන් ද නූතනයේ ලොව ප්‍රථම අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආදර්ශයෙන් ද ශ්‍රී ලාංකේය කාන්තාවගේ වීරත්වය හා නායකත්වය ලොවටම විදහාපායි.

 

එම අභාෂයන් අනුව යමින් මෙරට කාන්තාවන් අද වන විට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මාතෘ භූමියේ බොහෝ වගකීම් දරමින් සිටීම ආඩම්බරයට කරුණකි.

 

ආර්ථික සමාජයීය හා දේශපාලන වශයෙන් ද කාන්තාවන්ගේ මැදිහත්වීම අපි අගය කොට සළකමු.

 

සමාජයේ කුඩාම ඒකකය වන පවුල සුරක්ෂිත කිරීමට වෙහෙසෙන කාන්තාව, අවසානයේ මුළු රටම සුරක්ෂිත කිරීමට දායක වී තිබේ.

 

විවිධ හේතුමත මේ දක්වා සමාජය තුළ කාන්තාවන්ට තිබෙන අභියෝග බොහොමයකි.

 

මේ අභියෝගාත්මක ලොව තුළ සෑම කාන්තාවක්ම අවදියෙන් සිටිය යුතුය.

 

ඔබට ජයග්‍රහණය හෝ පරාජය මෙන්ම යහපත හෝ අයහපත ලැබෙනුයේ ඔබගේම සිතුවිලි හා ක්‍රියාවන් අනුවය.

 

ඒ නිසා සියලු කාන්තාවන්ට අභියෝගය තෝරාගන්නැයි මම ආරාධනා කරමි.

 

ඔබගේ සාමුහිකත්වයේ දායකත්වය අනුව ගොඩනැගෙන අනාගත මාතෘ භූමිය මෙන්ම දියුණු ලෝකය දෙස සියලු දෙනා බලා සිටින බව සිහිපත් කරමි.

views

664 Views

Comments

arrow-up