පාස්කු වාර්තාව රතු පලස යට නොගසා ජනතාවට හෙළිදරව් කරන්න - කාදිනල් හිමිපාණන්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ රටට අනාවරණය කර ඒවා ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ පවසනවා .
එසේ නොවුණහොත් කතෝලික ජනතාවට මෙරට ජීවත් වීමට නොහැකි වීමේ තත්ත්වයක් උද්ගත වනු ඇති බවද උන්වහන්සේ පෙන්වාදෙනවා .
කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළේ 73වැනි නිදහස් දිනය වෙනුවෙන් බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව් මැදුරේ දී ඊයේ (04 වැනිදා) පැවති දේව මෙහෙයට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් උන්වහන්සේ කියා සිටියේ ,
“ඒ ප්‍රහාරයට අදාළ ජනාධිපති කොමිසමේ වාර්තාව මේ වෙනකොට ජනාධිපතිවරයා වෙත භාර දීලා තියෙන්නෙ.
වෙනදා වගේ රතු පලස යට ඒ නිර්දේශ සඟවන්න අපේ රටේ නායකයෝ උත්සාහ කළොත් කතෝලික ජනතාවට මෙරටේ ජීවත් විය නොහැකි පරිසරයක් ඇති වෙනවා.”
“රටේ පොදු සම්පත් විකුණා ගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙනවා.
ඒවාට නිහඬව ඉන්න අපිට බැහැ. මේ සෑම දෙයක්ම සිදු වෙලා තියෙන්නේ නිදහසෙන් පසුව අපේ රටේ නායකයෝ ගමන් කළ වැරැදි මාර්ග නිසයි.
මේ ලස්සන දිවයිනේ එක එක භාෂා කතා කරන අයට වෙන වෙන ම කොටස් තියෙනවා.
එක එක ආගම්වලට සම්බන්ධ අයට වෙන වෙනම කොටස් තියෙනවා.
ඒ වගේම මේ රට ජාති ආගම් ලෙස බෙදිලා තියෙනවා.
නිදහසින් පසු වසර ගණනක් තිස්සේ මේ බෙදීම් ඇති කළේ අපේම නායකයො බව කියන්න ඕනෑ.
ජාතීන් අතර පවතින මේ විරසකය අපි වහාම සුව කර ගත යුතුයි.
නැත්නම් අපේ නිදහසත් නැති වෙලා මේ රට විදේශීය අතකොලුවක් බවට පත්වෙනවා නොඅනුමානයි.”
750 Views
Comments