වැසි තත්වයේ වැඩිවීමක් - තද සුළං සහ අකුණු මඟින් ප්‍රවේශම්වන ලෙස කාලගුණයෙන් උපදෙස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
26

වැසි තත්වයේ වැඩිවීමක් - තද සුළං සහ අකුණු මඟින් ප්‍රවේශම්වන ලෙස කාලගුණයෙන් උපදෙස්

වැසි තත්වයේ වැඩිවීමක් - තද සුළං සහ අකුණු මඟින් ප්‍රවේශම්වන ලෙස කාලගුණයෙන් උපදෙස්

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල වැසි තත්වයේ තරමක වැඩිවීමක් අද රාත්‍රී කාලයේ සිට බලාපොරොත්තු විය හැක.

 

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.

 

සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

සබරගමුව සහ මධ්‍යම පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

 

මන්නාරම සිට කන්කසන්තුරේ සහ ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි ඇති වේ. කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

 

කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා ඉහළ යාමට හැකියාවක් පවතී.

 

කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවිටින් විට රළු විය හැක. සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු ස්වභාවයේ පවතී.

 

 

 

views

715 Views

Comments

arrow-up