ඉන්ධන අර්බුදයෙන් රෝහල් වැසේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
18

ඉන්ධන අර්බුදයෙන් රෝහල් වැසේ

ඉන්ධන අර්බුදයෙන් රෝහල් වැසේ

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක රොහල් ගණනාවක්ම මේ වන විට වැසී ගොස් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටිනවා.

මෙතෙක් කාලයක් කිසිදු වර්ජනයකට සහභාගී නොවූ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සේවකයින් පවතින ඉන්ධන අර්බුදයත් සමග වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සූදානමක් පවතින බව එම නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශකර සිටියා.

කෙසේ වෙතත් මේ වන විට පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් රෝහල් සේවකයන් රෝහල කරා යාමට නොහැකිව දැඩි අපහසුතාවයකට පත් වී සිටිනවා.

 

views

211 Views

Comments

arrow-up