ආර්ථික වර්ධනය වේගවත් කිරීමට විශේෂ සභාවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
07

ආර්ථික වර්ධනය වේගවත් කිරීමට විශේෂ සභාවක්

ආර්ථික වර්ධනය වේගවත් කිරීමට විශේෂ සභාවක්

ආර්ථික කළමනාකරණය හරහා මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීමට ආර්ථික සභාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර ඇත.

 

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් එම සභාවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා, ඇමැතිවරුන් වන ආචාර්ය බන්දුල ගුණවර්ධන, බැසිල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලු‍ත්ගමගේ ,වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුද, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, භාණ්ඩාගාර ලේකම් එස් ආර්.ආටිගල, මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර යන මහත්වරුද ඇතුළත් වෙයි.

 

මෙම ආර්ථික සභාව සෑම සතියකම රැස්වී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

 

ගෝලීය ආර්ථිකයේ සිදුවන වෙනස්කම්වලට අනුව ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධීකරණය , අමාත්‍යංශ, දෙපාර්තමේන්තු ,ව්‍යවස්ථාපිත ආයතනවලට අදාල උපදෙස් ලබාදීම සහ රජය වෙනුවෙන් මඟ පෙන්වීම මෙම ආර්ථික සභාවට පැවරී ඇත.

views

622 Views

Comments

arrow-up