සිපෙට්කෝ බංකොලොත්.. ඩිසල් 25කින්, පෙට‍්‍රල් 18කින්, භූමිතෙල් 40කින් වැඩි කල යුතුමයි..
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
05

සිපෙට්කෝ බංකොලොත්.. ඩිසල් 25කින්, පෙට‍්‍රල් 18කින්, භූමිතෙල් 40කින් වැඩි කල යුතුමයි..

සිපෙට්කෝ බංකොලොත්.. ඩිසල් 25කින්, පෙට‍්‍රල් 18කින්, භූමිතෙල් 40කින් වැඩි කල යුතුමයි..

අද වන විට විදුලි බල මණ්ඩලය ඇතුළු රජයේ ආයතන රැසකින් ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු ණය මුදල් නොගෙවීම හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව බංකොලොත් වී ඇති බව එම සංස්ථාවට අනුබද්ධ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු වන බන්දුල සමන් කුමාර මහතා පවසයි.

 


බංකොලොත් වී ඇති ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ආණ්ඩුව විසින් ඉදිරියේ දී පුද්ගලික අංශයට විකුණා දැමීමට කටයුතු කරන්නේ නම් එයට එරෙහිව දැවැන්ත වූ වෘත්තීය සමිති අරගලයක් කිරීමට බලාපොරොත්තු වන බව බන්දුල සමන් කුමාර මහතා පැවසීය.


නීති විරෝධී ආකාරයට කැබිනට් පත්‍රිකාවක් අනුමත කර විදුලිබල මණ්ඩලයට ඛණිජ තෙල් ආනයනය කිරීමට අවසර ලබාදී ඇති බවටද හෙතෙම චෝදනා කරයි.

 

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ මොහොතේ ගොඩ ගැනීමට නම් ඩීසල් ලීටරයක් රුපියල් 25 කින්, පැට්‍රෝල් ලීටරයක් රුපියල් 18 කින්, සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 40 කින් වැඩි කළ යුතු බවද් ඔහු තව දුරටත් කියා සිටී.

views

1198 Views

Comments

arrow-up