කසුන් මහේන්ද්‍ර අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළ පොලීසියේ 3කට ස්ථානමාරු
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
23

කසුන් මහේන්ද්‍ර අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළ පොලීසියේ 3කට ස්ථානමාරු

කසුන් මහේන්ද්‍ර අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළ පොලීසියේ 3කට ස්ථානමාරු

ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල අතුරුගිරිය පොලීසිය මගින්  අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ සිදුකෙරෙන විමර්ශනයට අදාළව උපපොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු තිදෙනකු තාවකාලිකව මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත මාරුකර තිබේ.

 

දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ස්ථානාධිපතිවරයා හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මෙලෙස තාවකාලිකව මාරුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.

 

අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනීගේ බෑනා වන ලේඛක කසුන් මහේන්ද්‍ර ගීනටිගල පොලිස් මූලස්ථානයේ සහන මැදිරියට කරන ලද පැමිණිල්ලකට අදාළව කොළඹ දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වරයාගේ උපදෙස් මත මෙම ස්ථානමාරුවීම් සිදුකර තිබේ.

views

222 Views

Comments

arrow-up