පාලන මිල ඉක්මවා සහල් විකුණූ වෙළෙඳසැල් 6කට නඩු
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
17

පාලන මිල ඉක්මවා සහල් විකුණූ වෙළෙඳසැල් 6කට නඩු

පාලන මිල ඉක්මවා සහල් විකුණූ වෙළෙඳසැල් 6කට නඩු

උත්සව සමයේ මේ දක්වා කාලය තුළ සහල් පාලන මිලට අලෙවි නොකිරීම සම්බන්ධ වැටලීම් 342ක් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

 

එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා සඳහන් කළේ පසුගිය 17 වැනිදා සිට ඊයේ(16) දක්වා කාලය තුළ එම  වැටලීම් සිදුකර ඇති බවයි.

 

ඒ අනුව අදාළ වැටලීම්වලින් 6කට අදාළව අධිකරණ තීන්දු ලැබී ඇති අතර එමගින් රුපියල් ලක්ෂ 7ක මුදලක් දඩ ලෙස අය කරගන්නා ලෙසට තීන්දු ලැබී තිබේ. 

 

එමෙන්ම අනෙකුත් වැටලීම්වලටද මේ වනවිට නඩු පවරා අධිකරණමය තීන්දු ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසීය.

views

168 Views

Comments

arrow-up