“මේක තමයි කියන්න තියෙන්නේ, යන්න වෙන්නේ ගෝඨා ගිය විදියට නෙවෙයි” - හිරුණිකා ඇගිල්ල ඔසවා රනිල්ට කියූ දේ (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
07

“මේක තමයි කියන්න තියෙන්නේ, යන්න වෙන්නේ ගෝඨා ගිය විදියට නෙවෙයි” - හිරුණිකා ඇගිල්ල ඔසවා රනිල්ට කියූ දේ (VIDEO)

“මේක තමයි කියන්න තියෙන්නේ, යන්න වෙන්නේ ගෝඨා ගිය විදියට නෙවෙයි” - හිරුණිකා ඇගිල්ල ඔසවා රනිල්ට කියූ දේ  (VIDEO)

දන්දිනා රාජපක්ෂගේ කුසින් උපන් රනිල් රාජපක්ෂ විසින් සිය එක කුස උපන් සහෝදරයා වන ගෝඨාභයගේ නිවස ඉදිරිපිට විරෝධතා සිදුකිරීම සම්බන්ධව පළි ගනිමින් සිටින බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා කර සිටියි.

 

ඒ, ඊයේ (05) දින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු සැකකරුවන් ලෙස නම් කරන මෙන් පොලීසිය විසින් කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

 

දිනපතා හඳුනානොගත් මළ සිරුරු ගොඩහසන තත්වයක් රටේ ඇති විට ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවන පොලිසිය ගෝඨාභයට එරෙහිව විරෝධතා සිදුකළ පිරිස් හඹා යන බව ඇය පවසයි.

 

“අරගලයට සම්බන්ධ ළමයි තමයි මෙතන වැඩියෙන්ම ඉන්නෙ. ජනාධිපතිගෙ ෆ්‍රිජ් එකෙන් ගස්ලබු පළුවක් කෑවා කියලා, ජනාධිපතිගෙ ඇඳේ නිදාගත්තා කියලා වගේ චෝදනා වලට තමයි වැඩිහරියක් දෙනා මේ ඇතුලෙ ඉන්නෙ. ඇත්තටම ලැජ්ජයි රනිල් රාජපක්ෂගේ පළවෙනි කර්තව්‍ය වෙලා තියෙන්නේ අරගලයට සම්බන්ධ සියලු‍ දෙනා අත්අඩංගුවට ාරන් චෝදනා එල්ල කරමින් එයාලව අපහසුතාවයට පත් කරන එක. හරිනම් මල් දාලා පිළිගන්න ඕනෙ. අපි නිසා තමයි ගෝඨාභය ගෙදර ගිහින් රනිල් රාජපක්ෂ ජනාධිපති පුටුවෙ ඉන්නෙ. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා එයා අද ජනාධිපති පුටුවේ ඉන්නෙ ජනතා අරගලය නිසා.”

 

ජනාධිපතිවරයා රාජපක්ෂවරුන්ට අවශ්‍ය පරිදි කටයුතු කරන්නේ නම් ජනතාව විසින් ඔහුව ප්‍රතික්ෂේප කරනු ඇති බවත් මෙලෙස ජනතාව අත්අඩංගුවට ගැනීම් දිගින් දිගටම සිදු කළහොත් ගෝඨාභයට අත්වූ ඉරණමට වඩා දරුණු ඉරණමකට ජනාධිපතිවරයාට මුහුණදීමට සිදුවනු ඇති බවත් ඇය අවධාරණය කර සිටියි.

views

282 Views

Comments

arrow-up