කොරෝනා මර්දන ක්‍රියාන්විතයේ නිරත ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ඉන්දියාවෙන් වෙනමම එන්නත් තොගයක්

ශ්‍රී ලංකාවේ කොරෝනා මර්ධන ක්‍රියාන්විතයේ රාජකාරිවල යෙදී සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා වෙනම කොවිශීල්ඩ් එන්නත් මාත්‍රා තොගයක් ලබාදීමට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ පොරොන්දු වී තිබෙනවා.
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද දින නාරාහේන්පිට යුධ හමුදා රෝහලේ දී කොරෝනා මර්දන එන්නත ලබා ගත් අවස්ථාවේදී ඉන්දීය මහ කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
මේ වන විට දිවයින පුරා කොරෝනා මර්දන ක්‍රියාන්විත රාජකාරිවල යෙදී සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 63,000 ක් පමණ කොවිශීල්ඩ් එන්නත ලබාගෙන තිබෙනවා.
767 Views
Comments