පොලීස් ජීප් රථයක් හා ත්‍රීරෝදරථයක් ගැටීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

කටුපොත ප්‍රදේශයේ දී කටුපොත පොලීස් ස්ථානයට අයත් ජීප් රථයක් හා වන්දනා ගමනකට සහභාගි වූ පිරිසක් ගමන් ගත් ත්‍රීරෝදරථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (28) උදෑසන සිදුවූ අනතුරකින් ත්‍රීරෝදරථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, ත්‍රිරෝද රථයේ ගමන් කළ 40 හැවිරිදි පියා හා ඔහුගේ මව වන 69 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවය.
මෙම අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටිවයස අවුරුදු 34 ක් වු මියගිය පුද්ගලයාගේ බිරිඳ හා 9 හැවිරිදි හා 13 හැවිරිදි වියේ පසුවන දියණියන් දෙදෙනා බරපතළ තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇත.
අනතුරින් තුවාල ලැබු පොලිස් කොස්තාපල් රියදුරුවරයා මේ වන විට කටුපොත රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් විශේෂ විමර්ශනයක් පවත්වනු ලබයි.
626 Views
Comments