මුහුණු පොතේ දැඟලූ මොහොමඩ්ගේ රහස් සන්නිවේදන ජාලයේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පිරිසක්! -CID
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
01

මුහුණු පොතේ දැඟලූ මොහොමඩ්ගේ රහස් සන්නිවේදන ජාලයේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පිරිසක්! -CID

මුහුණු පොතේ දැඟලූ මොහොමඩ්ගේ රහස් සන්නිවේදන ජාලයේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පිරිසක්! -CID

ෆේස්බුක් හරහා අන්තර්ජාලයට වෛරී සහගත ප්‍රකාශ නිකුත් කළ චෝදනාවට අත්අඩංගුවට ගත් මොහොමඩ් නිසාන් නැමැති අය විසින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පිරිස් සමග සන්නිවේදන ජාලයක් ඔස්සේ සබඳතා පවත්වා ඇති බවට තොරතුරු දෙපාර්තමේන්තුව මගින් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

 

විදුලි සන්දේශය නියාමන කොමිසමේ අවසරයකින් තොරව පවත්වාගෙන ගොස් ඇති මෙම සන්නිවේදනය ජාලය තුළ මුස්ලිම් දේශපාලනඥයෙක් දෙවන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

 

අදාළ සැකකරු සම්බන්ධයෙන් කරුණු ගණනාවක් මේ වන විට අනාවරණය කරගෙන තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙමින් කියා සිටියා.

 

මෙම සන්නිවේදන ජාලයේ සාමාජිකයින්ගේ අනන්‍යතාවය පැහැදිලිව නොවන ආකාරයෙන් පවත්වාගෙන ගොස් ඇති බවත් එම නිසා විමර්ශන කටයුතු කිරීම අසීරු බවත් එම දෙපාර්තමේන්තුව සදහන් කළා.

 

සාමාජිකයින් 494 දෙනෙක් සමග සබඳතා පවත්වා ගෙන ගොස් ඇති බව ද සඳහන්.

 

සැකකාර මොහොමඩ් නිසාන් නැමැත්තා පසුගිය නඩුවාරයේදී අධිකරණයට රහස් ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලා සිටිය ද, ඔහුගේ නීතිඥ අද අධිකරණය හමුවේ පෙනී සිටිමින් කියා සිටියේ එම ඉල්ලීම ඉවත් කරගත් බවයි. මෙම නඩුව යළි පෙබරවාරි 25 වනදා කැඳවීමට නියමිතයි.

 

 

views

703 Views

Comments

arrow-up