ගම්පහ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ 15කට කොරෝනා

ගම්පහ දිස්ත්‍රික් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල කාර්ය මණ්ඩලයෙහි 15 දෙනෙකු, කොවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරු වීම මත එම කාර්යාලය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවරගත් බව ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පවසනවා.
එම කාර්ය මණ්ඩලයෙහි කිහිප දෙනෙකුට උණ සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම මත අද (25) සවස කාර්ය මණ්ඩලයේ 31 දෙනෙකු ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයට භාජනය කිරීමේදී ඉන් 10 දෙනෙකු ආසාදිතයින් බව හදුනා ගෙන තිබෙනවා.
එම කාර්යාලයෙහි තවත් පිරිසක් ගම්පහ රෝහලේදී පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කිරීමේ දී පස් දෙනෙකු ආසාදිතයින් බවට තහවුරුවී ඇත.
අද සවස එම ලියාපදිංචි කිරීමේ කාර්ය මණ්ඩලයෙහි 100 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණය සදහා යොමු කළ බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කීය.
681 Views
Comments