වැල්ලම්පිටියේ පරිප්පුවාගේ සගයෙකුට ටී 56 කින් වෙඩි පිට වෙඩි

වැල්ලම්පිටිය කොටුවිල ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.
වෙඩිතැබීමෙන් තුවාල ලබා ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි පුද්ගලයකු බවත්, ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත් වාර්තා වේ.
මෙම පුද්ගලයා මානවඩුගේ අසංක නොහොත් පරිප්පුවා නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ සමීපතමයකු වන බවට තොරතුරු වාර්තා වන අතර, මෙම පරිප්පුවා නැමැත්තා සිදුකළ කප්පම් ගැනීමේ සිද්ධියක් මුල් කරගෙන සිදුවී ඇති මෙම වෙඩි තැබීම, ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු විසින් මෙහෙයවා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, වෙඩි තැබීම සඳහා ටී 56 ගිනි අවියක් භාවිත කර ඇති බවට පොලිසිය සැක පළ කරයි.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන වැල්ලම්පිටිය පොලිසියේ මගින් සිදු කෙරේ.
177 Views
Comments