ඉන්ධන බෙදීමට එන ජංගම බවුසර්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
18

ඉන්ධන බෙදීමට එන ජංගම බවුසර්

ඉන්ධන බෙදීමට එන ජංගම බවුසර්

පවතින ඉන්ධන අර්බුදයත් සමඟ ජංගම ඉන්ධන බවුසර් හරහා ඉන්ධන ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

නියමු ව්‍යාපෘතියක් ලෙස එය ප්‍රථමයෙන් ආරම්භ කිරීමට නියමිත වන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ.

ත්‍රිරෝද රථ, භාණ්ඩ බෙදාහැරීමේ සේවා කටයුතුවල නිරතව සිටින යතුරුපැදි,කෑන් සහ ජෙනරේටර් සඳහා මෙම ජංගම ඉන්ධන බවුසර් රථ මගින් ඉන්ධන බෙදාහැරීමටයි තීරණය කර තිබෙන්නේ.

ඉන්ධන පිරවුම් හල් වලින් දුරස්ථව විවෘත ස්ථානවල සිට මෙලෙස ජංගම ඉන්ධන බෙදාහැරිමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

views

225 Views

Comments

arrow-up