“රසායනික පොහොර නැවැත්වීම වැරදියි, අයිඑම්එෆ් කලින් යන්න තිබුණා, තරුණ අරගලය සාධාරණයි” - ජනපති ස්වයං විවේචනයේ (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
19

“රසායනික පොහොර නැවැත්වීම වැරදියි, අයිඑම්එෆ් කලින් යන්න තිබුණා, තරුණ අරගලය සාධාරණයි” - ජනපති ස්වයං විවේචනයේ (VIDEO)

“රසායනික පොහොර නැවැත්වීම වැරදියි, අයිඑම්එෆ් කලින් යන්න තිබුණා, තරුණ අරගලය සාධාරණයි” - ජනපති ස්වයං විවේචනයේ  (VIDEO)

රටේ ඇති වී තිබෙන වත්මන් අර්බුදය ජනතාව අපේක්ෂා කරන වෙනස ලබාදීම සඳහා අවස්ථාවක් කරගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. පසුගිය වසර දෙක හමාර තුළ   වැරදි සිදුවූ බවත් එම වැරදි නිවැරදි කරගෙන ජනතා විශ්වාසය දිනාගෙන  ඉදිරියට යා යුතු බවත් ජනාධිපතිවරයා කියයි.

 

දිවුරුම් දුන් නව කැබිනට් මණ්ඩලය හමුවේ ස්වයං විවේචනාත්මකව සිය අදහස් පළ කළ ජනාධිපතිවරයා පැවසුවේ රසායනික පොහොර තහනම තමන් ගත් වැරදි තීන්දුවක් බවය.

 

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලට මින් පෙර යෑමට තිබුණු බව ඔහු කීවේය. මේ වනවිට නව මුදල් ඇමතිවරයෙක් අත්දැකීම් බහුල  මහබැංකු අධිපතිවරයෙක්, ඉහළ සුදුසුකම් පූරණය කළ භාණඩාගාර ලේකම්වරයෙක් පත් කර ඇති අතර ලෝකය පිළිගත් සම්භාව්‍ය ආර්ථික විද්වත් මණ්ඩලයකින් සැදුම් ලත් විශේෂඥ කණ්ඩායමක් බිඳවැටුණු ආර්ථිකය කළමනාකරණය සඳහා තමන්ටත් රජයත් උපදෙස් දෙන බව ජනාධිපතිවරයා පැවසුවේය.

 

රජයට සහාය දීම සඳහා රාජ්‍ය සහ පුද්ගලික අංශයේ විශේඥයින් පිරිසක්  ද පත්කරගත් බවත්  ඔවුන් හා එක්ව   ආර්ථිකය ස්ථාවර කිරීමට වැදගත් තීන්දු ගනු  ලැබු බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

 

තමන් කිසිම විටෙක අරගල හෝ උද්ඝෝෂණ මර්ධනය නොකළ බව කී ජනාධිපතිවරයා  තරුණයින්ගේ නිර්මාණශීලී අරගලය සාධාරණ බව  කීවේය. ඊට ඉඩ ලබාදෙමින් වෘත්තීයමය සහ විනයගරුක ලෙස හැසිරෙන පොලිසියට හා යුද හමුදාවට ඔහු ප්‍රණාමය පුද කළේය.

 

නිර්මාණශීලීව සිය පීඩනය මුදාහරින තරුණයින් මේ රටේ අනාගතය භාරගැනීමට සිටිනා මේ රටට ආදරය කරන පිරිසක් බව තමන් විශ්වාස කරන බවත් ජනාධිපතිවරයා කීවේය.

 

තමන් මේ රටේ මුදල් සොකරම් කර නැති බවත්, හොරුන් දූෂකයන් පිටු දකිමින් රාජ්‍ය ආයතනවල ඇති මූල්‍ය අර්බුදය නිවැරදි කරගන්නා ලෙස ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය.

 

ආර්ථික අර්බුදයෙන් පීඩිතව වී සිටින ගොවි ජනතාවට  රසායනික පොහොර නැවත ලබාදීමට කටයුතු කරන බව කී ජනාධිපතිවරයා මතුවී ඇති ගැටලු රාශියකින් පීඩාවට පත් වී සිටින ජනතාව සම්බන්ධව කණගාටුව පල කළේය.

 

“ජීවන වියදම දරා ගත නොහැකි ව සිටින ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා පොලිම්වල ගතකිරීමට සිදුවීමෙන් ඇතිවන වේදනාව අසහනය  හා කෝපය ඉතාම සාධාරණයි.

 

අතීතයේ කුමණ අඩුපාඩු තිබුණත් වර්තමාන අභියෝග සහ දුෂ්කරතාවයන් කළමනාකරණය කිරිමේ වගකීම තිබෙන්නේ ජනතාව විසින් තෝරා පත් කළජනාධිපතිවරයා වන මටයි. කුමණ දුෂ්කරතා හා අභියෝග මධ්‍යයේ වුවත් ඒ වගකීම පැහැර හරින්නේ නැති බව මා පත්කළ ජනතාවට මා පොරොන්දු වෙනවා.“

 

ජනාධිපතිවරයා අවධාරණය කළේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ ව්‍යවස්ථාව ආරක්ෂා කරගනිමින් රජය ඉදිරියට ගෙන යන බවය.

 

ජනාධිපතිවරයාගේ සම්පූර්ණ කතාව පහත දැක්වේ.

 

 

views

696 Views

Comments

arrow-up