මහින්දට සහ බැසිල්ට නැවතත් පියාඹන්න අවසර
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
22

මහින්දට සහ බැසිල්ට නැවතත් පියාඹන්න අවසර

මහින්දට සහ බැසිල්ට නැවතත් පියාඹන්න අවසර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම තවදුරටත් ක්‍රියාත්මක නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) ආගමන විගමන පාලකවරයාට නියෝග කර ඇත.

 

 

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය නිකුත් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින් ලෙස නම් කර තිබූ හෙයින් ඒ වෙනුවෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුවයි.

 

 

හිටපු ජනාධිපතිවරයා සහ හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නවීන් මාරපන මහතා අධිකරණය හමුවේ තම සේවාදායකයින්ට පනවා ඇති විදෙස් ගමන් තහනම 2022 ඔක්තෝබර් 07 වැනිදායින් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දීර්ඝ කර නොමැති බව ප්‍රකාශ කොට ඇති අතර එම කරුණු සැලකිල්ලට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාල විදේශ ගමන් තහනම තවදුරටත් ක්‍රියාත්මක නොවන බවට ආගමන විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර ඇති බව වාර්තා වේ.

views

321 Views

Comments

arrow-up