බිරිඳ විසින් සැමියාගේ පරිගණකයේ දත්ත රැස්කිරීම වළක්වාලමින් ගල්කිස්ස දිසා අධිකරණය දුන් අපූරු නියෝගය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
16

බිරිඳ විසින් සැමියාගේ පරිගණකයේ දත්ත රැස්කිරීම වළක්වාලමින් ගල්කිස්ස දිසා අධිකරණය දුන් අපූරු නියෝගය

බිරිඳ විසින් සැමියාගේ පරිගණකයේ දත්ත රැස්කිරීම වළක්වාලමින් ගල්කිස්ස දිසා අධිකරණය දුන් අපූරු නියෝගය

බිරිඳ විසින් සැමියාගේ පරිගණකයේ ඇති දත්ත, ලේඛන, පරිඝණකයේ ගබඩා කර ඇති වෙනත් තොරතුරු හො කෙටි පණිවුඩ රැස්කිරීම වළක්වාලමින් ගල්කිස්ස දිසා අධිකරණය නියෝගයක් නිකුත් කරන ලදී.

 

ඒ තම බිරිඳ තමන් නිවසේ නොමැති අවස්ථාවන්හිදී තම පෞද්ගලික පරිඝණකයට නීතිවිරෝධී ලෙස ප්‍රවේශවී ඇති බවට චෝදනා කරමින් සැමියෙකු විසින් ගල්කිස්ස දිසා අධිකරණය හමුවේ ගොනු කර තිබු පැමිණිල්ලක් විභාගයට ගනිමින්.

 

මෙහිදී සැමියා සිය බිරිඳට චෝදනා කර ඇත්තේ තම පරිඝණකයේ තිබූ විවිධ තොරතුරු හොර රහසේ ලබාගෙන තමන්ගේ දුරකථන සංවාද ද රහසේ පටිගත කර ඇති බවයි.

 

මේ සඳහා ඔහුගේ කාමරයේ ශ්‍රව්‍ය නිරීක්ෂණ උපකරණයක්ද සවි කර ඇති බව මෙහිදී හෙළි විය.

 

කාමරය වසා තිබියදී එයට ඇතුළු වී ක්‍රියා විරහිත කර තිබූ පරිඝණකයට අනවසරයෙන් ඇතුළු වීමෙන් තමාගේ පෞද්ගලිකත්වය පිළිබඳ සාධාරණ අයිතීන් උල්ලංඝනය වී ඇති බවත්, විශ්වාසය කඩවීමක් සිදුව ඇති බවටත් පැමිණිලිකරු චෝදනා එල්ල කලේය.

 

මෙහිදී පැමිණිලිකරු වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට තමන්ගෙන් වෙන්ව ජීවත් වන බිරිඳ තම පෞද්ගලිකත්වයට හානියක් වන අයුරින් කටයුතු කර ඇති බවයි.

 

පැමිණිලිකරු ප්‍රකාශකළේ නීතිවිරෝධී සහ කිසිදු අවසරයකින් තොරව තොරතුරු එක්රැස් කිරීම සඳහා බිරිඳ සිය පරිඝණකයට ප්‍රවේශවීම පරිගණක අපරාධ පනතේ අංක 3 සහ 4 වගන්ති යටතේ බරපතල වරදක් වන බවයි.

 

අදාළ පැමිණිල්ල ගොනු කළ සැමියා කොළඹ ප්‍රදේශයේ රජයේ රෝහලක වෛද්‍යවරයකු ලෙස කටයුතු කරන අතර ඔහුගේ බිරිඳ උතුරු පළාත් රජයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කරයි.

 

මෙම දිසා අධිකරණයේ මේ දෙදෙනා ගොනු කල දික්කසාද නඩුවක් ද විභාගයට ගැනෙමින් පවතින අතර ගල්කිස්ස දිසා අධිකරණය ලබා දුන් මෙම නියෝගය ජූලි 20 දක්වා ක්‍රියාත්මකයි.

views

858 Views

Comments

arrow-up