මගේ එන්නත ජනතාවට පරිත්‍යාග කරනවා - සජිත් (VIDEO)

තමාට සහ තම බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වූයේ කොරෝනා මර්ධන එන්නත ප්‍රතික්ෂේප කිරීම නිසාවෙන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා.
කොරෝනා ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඔහු, සුවය ලබා අද පෙරවරුවේ රෝහලෙන් පටත්ව කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනුයි මේ අදහස් පළ කළේ.
එමෙන්ම තමා එන්නත ලබා ගැනීමට ප්‍රථම මෙරට අනෙකුත් සියලු ජනතාව එන්නත ලබාගත යුතුය යන ප්‍රතිපත්තියේ තමන් සිටින බවත් එම නිසා තමා එන්නත ලබා නොගත් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
"මේ රටේ සියලුම ජනතාව අංග සම්පූර්ණව ඒ සෞඛ්‍ය උපදෙස් මත එන්නත්කරණයට ලක්වන තුරු මම මේ රටේ මහජන සේවකයෙක් හැටියට එන්නත ලබාගැනීමට බලාපොරොත්තු වෙන්නේ නෑ. මගේ එන්නත මම පරිත්‍යාග කරනවා මේ රටේ ජනතාවට. රට තුළ ජීවත්වන ලක්ෂ 220කගේ සෞඛ්‍ය සම්පන්නභාවය, ඒ අයගේ ආයු කාලය අපිට වැදගත් වෙනවා අපේ පුද්ගලික සෞභාග්‍ය වෙනුවට. මේ රටේ ජනතාවට මම දෙන පණිවුඩය තමයි අපි ඉතාමත් ඉක්මනින් එන්නත් ලබාදීලා එන්නත තුළින් මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන තෙක් අපේ මාතෘ භූමියට ගෙන්වා ගත හැකි උපරිම එන්නත් ප්‍රමාණය ගෙන්වා ගෙන උපරිම ලෙස එය ව්‍යාප්ත කරනවා."
1137 Views
Comments