ශානි ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ් - සංවාද ඇතුළත් සංයුක්ත තැටියක් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
17

ශානි ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ් - සංවාද ඇතුළත් සංයුක්ත තැටියක් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

ශානි ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ් - සංවාද ඇතුළත් සංයුක්ත තැටියක් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ වරයෙකු වන ශානි අබේසේකර ඇතුළු තිදෙනාම මාර්තු 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා.

 

ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීම් ඇතුළු තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනාව එල්ල වී ඇති අතර එම නඩුව අද කැඳවීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබුණා.

 

පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකර නීතිඥයින් අධිකරණයට කරුණු දැක්වීම මෙහිදී සිදු වුණා.

 

පොලිස් පරීක්ෂකවරුන් වල විල්ලවඅාරච්චි සහ සුසන්ත යන අය අතර ඇතිවූ බව කියන සංවාද ඇතුළත් සංයුක්ත තැටියක් ද කොළඹ අපරාධ කොට්ඨාශය විසින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදීමට පියවර ගැණුනා.

 

views

681 Views

Comments

arrow-up