අහාරයට ගන්නා මාළුන්ගෙන් COVID-19 පැතිරෙනවා ද?
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
22

අහාරයට ගන්නා මාළුන්ගෙන් COVID-19 පැතිරෙනවා ද?

අහාරයට ගන්නා මාළුන්ගෙන් COVID-19 පැතිරෙනවා ද?

පවතින තත්වය හමුවේ මසුන් පරිභෝජනයට කිසිදු අයුරකින් බිය නොවන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා. කෙසේ වෙතත් ආහාර සකස් කිරීමේදී ද නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම අතිශය වැදගත් බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ.

 

 

මත්ස්‍යයින්ගේ පෘෂ්ඨය මත කොවිඩ් 19 වෛරසය සජීවී ආකාරයෙන් කෙතරම් කාලයක් පවතින්නේද යන්න පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරු හමුවී නොමැති බව ඔහු සදහන් කළා.

 

 

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ,

 

 

“වුහාන් ප්‍රාන්තයේ ආරම්භයේ දී මේ රෝගය ව්‍යාප්ත වුණේ මාළු වෙළෙඳ සැලක් ආශ්‍රිතව ඒ නිසා මේ අවස්ථාවේ දී අපි හරියටම නිශ්චිතවම කියන්න දන්නේ නැහැ මාළුන්ගේ මේ වෛරසය තැවරී තිබෙනවා නම්, ආසාදිතයෙකුගෙන් එය කොයිතරම් දුරකට තවත් කෙනෙකුට ව්‍යාප්ත වීමට බලපානවා ද කියලා. නමුත් ඒ නිසා මාළු ආහාරයට ගැනීමෙන් වැළකී සිටීමේ කිසිදු අවශ්‍යතාවයක් නැහැ. අපි නිතරම කියන විදියට සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කරනවා නම් කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නෑ. යම් ආකාරයකින් මාළු පිරිසිදු කිරීමක් හෝ අතපත ගෑමක් හෝ ස්පර්ශ කිරීමෙන් මෙන්ම ඒ අවස්ථාවේ දී මුහුණ ඇල්ලීමෙන් වැළකී සිටින්නේ නම් අපිට පුළුවන් වෙනවා, මේ කොවිඩ් 19 වෛරසය යම් අවධානමක් තිබෙනවා නම් මාළුවල පෘෂ්ඨයේ තැවරිලා තිබිලා කෙනෙකුට ඒක අවම කර ගන්න පුළුවන්. ඒ නිසා මේ වෙලාවේ දී මාළු පරිභෝජනය ගැන බියක් හෝ චකිතයක් තියෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නෑ.“ යනුවෙනි

 

 

එමෙන්ම කොවිඞ් 19 ආසාදිත රෝගීන් කිහිප දෙනෙක් ම පෑලියගොඩ මාළු වෙළෙඳපොළට ආ ගිය බවට තොරතුරු වාර්තාවීමත් සමග එම ස්ථානයේ පීසීආර් පරීක්ෂණ සිදුකළ බව ද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවා.

 

 

views

783 Views

Comments

arrow-up