ප්‍රංශ ජනාධිපතිවරණය අදයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
10

ප්‍රංශ ජනාධිපතිවරණය අදයි

ප්‍රංශ ජනාධිපතිවරණය අදයි

ප්‍රංශ ජනාධිපතිවරණය අදින් ආරම්භ වනවා. දින 02 ක් පුරා අදියර 02 ක් යටතේ පැවැත්වෙන ප්‍රංශ ජනාධිපතිවරණයේ පළමු දිනයේ ඡන්ද විමසීම අද පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. මෙවර ප්‍රංශ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 12 ක්.


එම අපේක්ෂකයින් අතර ප්‍රංශ ජනාධිපති එම්මානුවෙන් මැක්රන් ද වනවා. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබාසිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 49 ක්. මෙවර ඡන්ද විමසීමේදී ජනාධිපතිවරයා සමග කරට කර සටන නිරත වී සිටින්නේ දක්ෂිණාංශික පක්ෂයේ අපේක්ෂිකා ලී පෙන් සහ වාමාංශික අපේක්ෂක ජෝ ලුක් මෙලොෂොන්.


කෙසේවෙතත් ඉකුත් මාසයක කාලය තුළ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් වැඩි අවදානයක් ලබාදුන්නේ රුසියානු - යුක්රේන යුද්ධයේදී යුරෝපයේ කාර්යය භාර්ය සම්බන්ධයෙන් කටයුතු කිරීමටයි.

views

645 Views

Comments

arrow-up