APR
03
ජාතික ආරක්ෂක මණ්ඩලය හදිසියේ කැඳවයි

රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව විමර්ශනය කිරීමට ජාතික ආරක්ෂක මණ්ඩලය කැඳවීමට ආරක්‍ෂක බලධාරීන් තීරණය කර තිබේ.
ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මිරිහාන ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය ගැන බුද්ධි අංශ පූර්ණ වාර්තාවක් ආරක්‍ෂක බලධාරීන්ට ඉදිරිපත් කර ඇති බවයි.
මිරිහානට පැමිණෙන ලෙස මුහුණු පොත මගින් ඇරයුම් කළේ කවුද යන්න ගැන ද ආරක්‍ෂක බලධාරීන්ගේ අවධානය යොමු වී ඇත.
ටියුනීසියාව, රුමේනියාව සහ තායිලන්තය වැනි රටවල විරෝධතා සිදුවීම් ගැනද ඇතැම් පාර්ශ්ව අවධානය යොමුකර ඇති බව වාර්තාවේ.
643 Views
Comments