විදුලි ඉංජිනේරු සංගමය යුගදනව් ගිවිසුමට විරෝධය

කෙරවලපිටිය විදුලි බලාගාරයේ 40%ක කොටස් ඇමරිකානු සමාගමකට විකිණිම හරහා සිදුවන්නේ, මෙරට ද්‍රවිකෘත ස්වභාවික වායු දීර්ඝ කාලීනව ලබාගැනීමේ කොන්ත්‍රාත්තුව එම සමාගමට හිමිවීම බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.
කෙසේ වෙතත්, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කළේ, රජය අදාළ සමාගම සමග සංකල්පමය එකඟතාවයකට පමණක් පැමිණ ඇති බවය.
කෙරවලපිටිය විදුලි බලාගාරයේ 40%ක කොටස් ඇමරිකානු ඩොලර් මිලියන 250කට අමෙරිකාවේ නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගමට පවරා ඇති බවට පසුගියදා පාර්ශ්ව කිහිපයක් චෝදනා කළහ.
මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේ අගමැති සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායක සාකච්ඡාවක් පැවැත්වීමට තිබුණද පසුව එය කල් දමා ඇත.
771 Views
Comments