කොරෝනා පැතිරීම නිසා ඩිපෝ දෙකක් වැහෙයි

කැස්බෑව ඩිපෝවේ රියදුරන් කොන්දොස්තරවරුන් සහ කාර්මික නිලධාරීන් ඇතුළු 48 දෙනෙකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම ඩිපෝව ඊයේ(13) සිට තාවකාලිකව වසා දැමූ බව කොළඹ ප්‍රාදේශීය කළමනාකාර යු. ජි. ජි. පි. සත්‍ය සිංහ මහතා පැවසුවේය.
ඉකුත් දා කැස්බෑව ඩිපෝවේ සේවක මහතුන් 13 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් පසුගිය 10 වැනි දින ඩිපෝවේ 35 දෙනෙකුට කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් කැස්බෑව ආටිගල බාලිකා ක්‍රීඩාංගනයේදී පි සි ආර් පරීක්ෂණ සිදුකළ අතර එම සියලු දෙනාට වෛරසය ආසාදිතවී ඇති බවට වෛද්‍ය වාර්තා මගින් තහවුරුවීම නිසා කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දැනුම් දීමෙන් පසුව ඩිපෝව වසා දැමීමට කටයුතු කළ බව ප්‍රාදේශීය කළමනාකාරවරයා පැවසුවේය.
මේ අතර කොවිඩ් ආසාදනය වූ සේවකයින් දෙළොස් දෙනෙකු වාර්තාවීම හේතුවෙන් කලවාන ලංගම ඩිපෝව අද(13) වසා දැමීමට පියවර ගත් බව කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
ඩිපෝ අධිකාරිවරයා ඇතුළු ඩිපෝවේ සේවකයින් පිරිසකට මෙලෙස කොවිඩ් පොසිටිව් වී ඇති බව කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසීය.
770 Views
Comments