පොහොර වලට පාලන මිලක් එයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
20

පොහොර වලට පාලන මිලක් එයි

පොහොර වලට පාලන මිලක් එයි

පොහොර මිටියක් රුපියල් 10,000 ලබාදිය යුතුයැයි පොහොර ප්‍රශ්නය විසඳීම සඳහා අග්‍රාමාත්‍යවරයා පත් පත්කළ කමිටුව රජයට නිර්දේශ කර තිබේ.


පොහොර ප්‍රශ්නය විසඳීම සඳහා පත් කෙරුණු කමිටුවේ සභාපති අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ මේ වන විට රුපියල් තිස් දහසක් 35000ක් වැනි අධික මිලකට පොහොර මිටිය අලෙවි වන බව ද මෙම තත්වය යටතේ ගොවීන්ට වගා කටයුතු කර ගැනීමට නොහැකි වනු ඇති බවත් ය.


මෙම තත්ත්වය දිගටම පැවතුනහොත් ඉදිරියේදී ජනතාව වගාවලින් සම්පූර්ණයෙන්ම ඉවත් වීමෙන් රටේ ආහාර හිඟයක් ඇතිවීමට හැකියාව තිබෙන බැවින් අඩු මිලට පොහොර ලබා දීමට කඩිනමින් කටයුතු කළ යුතු බව කමිටුව නිර්දේශ කළ බවද අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

views

684 Views

Comments

arrow-up