යල කන්නයේ වී සඳහා ගොවීන්ට ලැබෙන මිල

මෙවර යල කන්නයේදී වී අලෙවි මණ්ඩලයට වී මිලදී ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබනවා.
එම යෝජනාවට අනුව,
නාඩු වී කිලෝවක් රුපියල් 50
සම්බා වී කිලෝවක් රුපියල් 52
කීරි සම්බා වී කිලෝවක් රුපියල් 55
වශයෙන් සහතික මිල ගණන් යටතේ ගොවීන්ගෙන් වී මිලදී ගැනීමටයි කැබිනට් අනුමැතිය හිමිව තිබෙන්නේ.
මෙවර යල කන්නයේ දී වී මෙට්‍රික්ටොන් 1,500,000ක පමණ සමස්ත වී අස්වැන්නක් ලැබිය හැකි බවට ඇස්තමේන්තු කර තිබුණා.
එම අස්වැන්නෙන් සැලකිය යුතු වී ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගැනීමටයි සැලසුම් සකස්කර ඇත්තේ.
759 Views
Comments