“ගහයි කියලා හිතුවට මෙහෙම ගහයි කියලා හිතුවෙ නෑ අයියෝ” (VIDEO)

අරගලයට පහර දීමට තමන් නොගිය බව ගුටි කෑ මහින්ද කහඳගම පවසයි.
තමන් නගර සභාවට පැමිණි විට එහි සිටි මන්ත්‍රීවරුන් තමන්ට දැඩි ලෙස චෝදනා කල බවත් ඉන් අක් අයෙකු විසින් වෙනත් පිරිසක්ද සම්බන්ධ කරගෙන තමන්ට මෙලෙස පහර දුන් බව ඔහු පැවසීය.
රූපවාහිනි නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්චාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
පහර දීමක් පිළිබඳව තමන්ට දැනුනු බව පවසන ඔහු තමන් රෝහලේ සිටියදී කවුරුන් හෝ අයෙකු විසින් තමාගේ අතේ 69 අංකය සහිත කාර්ඩ්පත ගැට ගසා ඇතැයිද පවසයි.
විවිධ ව්‍යාජ ෆෙස්බුක් ගිණුම් සාදාගෙන තමන්ට සහ තම රේඛා දියණියට සිදුකරන අපහාස වලින් තමන් දැඩි ලෙස මානසික පීඩනයකට ලක්ව සිටින බවත් හෙතෙම සඳහන් කරයි.
මේ අතර දැනට සිරගතව සිටින සිරකරුවෙකු විලසින් මහින්ද කහඳගමට ලැබෙන දුරකථන ඇමතුමක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.
එම ඇමතුම පහතින්.
672 Views
Comments