කෘෂිකාර්මික හා අධි තාක්‍ෂණික සරසවියක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට චීනයේ සහය

ශ්‍රී ලංකාව තුල නවීන කෘෂිකාර්මික හා අධි තාක්‍ෂණික විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා සහය ලබාදීමට චීනය එකඟවූ බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ඉකුත් 19 වැනිදා චීනයේ හුබෙයි පළාතේ වුහාන් විශ්ව විද්‍යාලයට ගිය අවස්ථාවේ මෙම එකඟතාව පල වී ඇත.
වූහාන්, විශ්වවිද්‍යාලයේ උප සභාපතිවරයාගේ සහ චයිනා ග්‍රේට් වෝල් ඉන්ඩස්ට්‍රියල් කෝපරේෂන් ආයතනයේ ආරාධනයෙන් තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා වුහාන් විශ්වවිද්‍යාලයට ගිය අතර එහිදී උප සභාපති යෙකින් ෂු මහතාගේ නායකත්වයෙන් යුත් අන්තර් ක්ෂේත්‍ර විශ්වවිද්‍යාල කණ්ඩායම ශ්‍රී ලංකාවේ නවීන කෘෂිකාර්මික හා අධි තාක්‍ෂණික විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සදහා පූර්ණ සහයෝගය ලබා දීමට එකඟවූ බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
ඉන්පසුව හුබෙයි පළාතේ ආණ්ඩුකාර ෂොංලින් වැන්ග් සමඟ පැවති විධිමත් රැස්වීමකදී ද මේ සඳහා ඒ මහතාගේ අනුමැතිය ලැබුණු බවද චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.
747 Views
Comments