2017 ගෙනා එංගලන්තයේ කුණු එංගලන්තයටම හරවා යවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
27

2017 ගෙනා එංගලන්තයේ කුණු එංගලන්තයටම හරවා යවයි

2017 ගෙනා එංගලන්තයේ කුණු එංගලන්තයටම හරවා යවයි

2017 වසරේ දෙසැම්බර් මස එංගලන්තයේ සිට නීති විරෝධිව මෙරටට එවන ලද අපද්‍රව්‍ය බහාලුම් 263න් 21ක් නැවත හරවා යැවීමට ශ්‍රී ලංකා රේගුව ඊයේ පියවර ගෙන තිබේ.

 

ඒ, නීතිපතිගේ අවසරයකට අනුවයි. මේ අන්දමින් අපද්‍රව්‍ය බහලුම් ප්‍රති නැව්ගත කිරීම දකුණු ආසියානු කලාපයේ සිදුවූයේ ප්‍රථම වරටයි. අපද්‍රව්‍ය බහලුම් 242 ප්‍රති නැව්ගත කිරීමට අදාළව අධිකරණයේ නියෝගය ලැබී ඇතැයි ශ්‍රී ලංකා රේගුව පවසයි. බහලුම් 112ක් කොළඹ වරායේ ගබඩා කොට තිබේ. අනෙක් 130 කටුනායක ආයෝජන කලාපය වෙත ගෙන ගොස් ඇතැයි ශ්‍රී ලංකා රේගුව පවසයි.

 

රේගු නීතිය උල්ලංඝනය කරමින් මෙරටට ගෙන්වූ මෙම බහලුම්වල ඇත්තේ නිවාසවලින් ඉවතලන නාගරික අපද්‍රව්‍යයි. ඒවා එංගලන්තයෙන් මෙරටට එවීමට පෙර අවසර ගත යුතුව තිබුණ ද, එසේ කර නොමැත. ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පවත්නා ජාත්‍යන්තර සම්මුතියක් වන බාසල් සම්මුතිය යටතේ ද අදාළ ද්‍රව්‍ය එවීමට පෙර පූර්ව රටින් අවසර ගැනීම කළ යුතුය.

 

මෙම අපද්‍රව්‍ය මෙරටට එවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව, එංගලන්තයේ මව් සමාගම සමඟ සාකච්ජා කර දඩ මුදලක් අයකර ගැනීමට ක්‍රියා කරන බව, රේගුව පවසයි.

 

views

824 Views

Comments

arrow-up