බුදු වුනෙත් වයස අවුරුදු 35 දී - ජනාධිපති වීමේ වයස 35 වයස් සීමාව 30 ට ගෙන ඒම අනවශ වැඩක්. මැදගොඩ අභයතිස්ස හිමි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
20

බුදු වුනෙත් වයස අවුරුදු 35 දී - ජනාධිපති වීමේ වයස 35 වයස් සීමාව 30 ට ගෙන ඒම අනවශ වැඩක්. මැදගොඩ අභයතිස්ස හිමි

බුදු වුනෙත් වයස අවුරුදු 35 දී - ජනාධිපති වීමේ වයස 35 වයස් සීමාව 30 ට ගෙන ඒම අනවශ වැඩක්. මැදගොඩ අභයතිස්ස හිමි

ජනාධිපති ධූරය සදහා තේරී පත් වීමට නම් වයස අවුරුදු 35 ඉක්මවා සිටිය යුතු බවට වන 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පනවා තිබූ සීමාව, 20 වන සංශෝධනය මගින් වයස අවුරුදු 30 දක්වා අඩු කර තිබේ.

19 වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව මත පළ කරන බොහෝ දෙනා පැවසූවේ, 19 යටතේ අවුරුදු 35 වයස් සීමාව පැනවීමට හේතුව නාමල් රාජපක්ෂ මේ රටේ ජනාධිපති වීම වැළැක්වීම සදහා බවයි.

කෙසේ වෙතත්, වත්මන් ආණ්ඩුව පිහිටුවීමට මහත් සේ කැපවුණු මැදගොඩ අභයතිස්ස හිමියෝ, විසිවන ව්‍යවස්ථා සංශෝධනය යටතේ, වයස අවුරුදු 35 සීමාව වයස අවුරුදු 30 දක්වා අඩු කිරීම සම්බන්ධයෙන් සිය නොසතුට පළ කර සිටියේ ය.

ඒ කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා, උන්වහන්සේ බැහැදැකීම සදහා සුනේත්‍රාදේවී පිරිවෙණයට පැමිණි අවස්ථාවේ දී ය. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වූවේත් වයස අවුරුදු 35 දී බව ප්‍රකාශ කළ මැදගොඩ අභයතිස්ස හිමියෝ, වයස අවුරුදු තිහක ගැටවරයෙකු රටක ජනාධිපතිවරයෙකු වීම එම රටේ අභාග්‍යයක් බවද පවසා සිටියේ ය.

 

views

874 Views

Comments

arrow-up