OCT
22
මහින්ද සමරසිංහ මෙක්සිකෝවේ තානාපති ලෙස වැඩ භාර ගනී

මහින්ද සමරසිංහ මහතා මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් සිය අක්තපත්‍ර ලිපියේ පිටපත් එක්සත් ජනපදයේ සිටින මෙක්සිකෝ තානාපතිවරයා වෙත පිළිගන්වා තිබෙනවා.
ඒ වොෂින්ටන් ඩී.සී. හි මෙක්සිකෝ සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති නිල උත්සවයක් අතරතුරයි.
දෙරට අතර පවතින ආයෝජන සහ වෙළඳ අවස්ථා තවදුරටත් පුළුල් කිරීමට ඉදිරියේදී වැඩි අවධානයක් යොමුකරන බවයි තානාපතිවරයා මෙහිදී කියා සිටියේ.
182 Views
Comments