OCT
15
ශ්‍රී ලංකාව සංචාරයට ආරක්ෂිතම රටවල් අතරින් 12 වැනි ස්ථානයට

වර්ල්ඩ් පැකර්ස් වෙබ් අඩවියට එකතු වී සිටින සංචාරකයන් සම්බන්ධ කර ගනිමින් සිදු කළ සමීක්ෂණයකින් ලෝකයේ සංචාරය කිරීමට ආරක්ෂිතම රටවල් අතර 12 වෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ බව බව එම වෙබ් අඩවිය ප්‍රකාශ කළේය.
වර්ල්ඩ් පැකර්ස් වෙබ් අඩවියට අනුව ලෝකයේ සංචාරය කිරීමට ආරක්ෂිතම රට වන්නේ අයිස්ලන්තයයි.එම දර්ශකයේ දෙවැනි ස්ථානය ස්විට්සර්ලන්තයටත් තෙවැනි ස්ථානය ඩෙන්මාර්කයටත් හිමිව ඇත.
ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නන් සීගිරිය නැරඹිය යුතුම ස්ථානයක් ලෙස වර්ල්ඩ් පැකර්ස් වෙබ් අඩවිය හඳුන්වා දී ඇත.
219 Views
Comments