“කිරිපිටි කියන්නේ පෝෂ්‍ය කොටස් ඉවත් කරපු සුදු පාට කුඩක්, බීලා ලෙඩ වෙන්න එපා” - අමාත්‍ය ඩී.බී. හේරත්

පිටි කිරි යනු දියර කිරිවල ඇති පෝෂක කොටස් ඉවත් කර වියලීමට ලක්කර සාදනු ලබන සුදු පැහැති පිටි වර්ගයක් යැයි පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන, කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා කියයි.
එම නිසා ජනතාව පිටිකිරි භාවිතයෙන් ඉවත් වී දියර කිරි භාවිතයට හුරුවිය යුතු යැයිද හෙතෙම සඳහන් කළේය.
දියර කිරි පිටි කිරි බවට පත් කිරීමේදී දියර කිරිවල ඇති ප්‍රෝටීන් වෙනුවට මෙලමයින් එකතු කරන බවත්, මේදය වෙනුවට ෆාම් ඔයිල් එකතු කරන බවත් තවත් බොහෝ පෝෂ්‍ය කොටස් ඉවත් කරන බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.
ඉවත් කරන පෝෂ්‍ය කොටස් වෙනුවට වෙනත් රසායනික ද්‍රව්‍ය පිටිකිරි සදහා එක් කරන බවත් හෙතෙම කියා සිටී.
එම බොහෝ රසායනික ද‍්‍රව්‍ය ශරීරයට අහිතකර බැවින් පිටිකිරි භාවිතය සීමා කර හැකිතරම් දියර කිරි සදහා හුරු වියයුතු බවත් පවසන ඔහු තම අමාත්‍යංශයේ වගකීම ජනතාව දියර කිරි භාවිතය සඳහා යොමු කිරීම බවත් පැවසීය.
664 Views
Comments