2021 වසරේ ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වීම මාර්ගගත ක්‍රමයට

මෙම වර්ෂයට අදාළව ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචිවීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීම සඳහා වූ වැඩපිළිවෙලක් අද රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී ආරම්භ විය.
ඒ අනුව වයස 18 සම්පූර්ණ වන මෙරට පුරවැසියන් ලියාපදිංචි කිරීම, පවතින ඡන්ද හිමි නාමලේඛනයේ දෝෂ ඇත්නම් ඒවා නිවැරදි කිරීම සහ පදිංචියේ වෙනස්කම් සිදුවී ඇත්නම් එය සටහන් කිරීමද මේ යටතේ සිදු කෙරේ.
එමෙන්ම පසුගිය වසරේ ලියාපදිංචි නොවූ ඡන්ද දායකයින් ලියාපදිංචි කිරීමද මෙම වැඩපිළිවෙල යටතේ සිදු කෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
නව මාර්ගගත ලියාපදිංචියට අදාළ තොරතුරු සපයා ගැනීම සඳහා මැතිවරණ කොමිසන් සභාවේ වෙබ් අඩවියට පිවිසීමෙන් සිදුකළ හැක.
735 Views
Comments