වෙළෙඳපොලේ සිමෙන්ති හිඟයක් ?
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
07

වෙළෙඳපොලේ සිමෙන්ති හිඟයක් ?

වෙළෙඳපොලේ සිමෙන්ති හිඟයක් ?

වෙළඳපොල තුළ පවතින සිමෙන්ති හිඟය තවත් මාසයක පමණ කාලයක් පවතිනු ඇති බව සිමෙන්ති සමාගම් පවසයි.

 

ඔවුන් පෙන්වා දෙන්නේ මේ වන විට වෙළඳපොලට අවශ්‍ය සිමෙන්ති ආනයනය කිරීමට රජය සමග එක්ව විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවය.

 

දැනට වෙළඳපොල තුළ සිමෙන්ති මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක පමණ හිඟයක් පවතින අතර එය මගහරවා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව සිමෙන්ති සමාගම් පවසයි.

 

මේ අතර දේශීයව නිෂ්පාදනය කරන කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක් රුපියල් 1,275 ක මිලකට අලෙවි කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

 

මීට පෙර සිමෙන්ති කොට්ටයක් රුපියල් 1098 ක මිලකට අලෙවි කළ අතර නිෂ්පාදන වියදම ඉහළ යාම හේතුවෙන් මෙම නව මිල සංශෝධනය කර තිබේ.

 

කෙසේ වෙතත් වෙළඳපොල තුළ  ක්‍රියාත්මක සිමෙන්ති මාෆියාව හේතුවෙන් විවිධ මිල ගණන් යටතේ සිමෙන්ති මිලදී ගැනීමට ජනතාවට සිදු වී ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි.


 
එම සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පෙන්වා දෙන්නේ රජය විසින් කඩිනමින් මැදිහත් වී මෙම තත්ත්වය පාලනය කිරීමට පියවර ගත යුතු බවය.

views

680 Views

Comments

arrow-up