විමල්ගෙන් ජනපතිට ලිපියක්

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා අර්බුදය විසඳීමට අවශ්‍ය පොදු වැඩපිළිවෙළක් සහ එය ක්‍රියාත්මක කිරීම සඳහා මාර්ග සිතියමක් රටට ඉදිරිපත් කරන ලෙස මෙමඟින් ඔහු ඉල්ලා තිබෙනවා.
මෙලෙස මාර්ග සිතියමක් ජනතාවට ඉදිරිපත් කිරීම මගින් මහජන විශ්වාසය දිනා ගැනීමට එය ඉවහල් වන බවද ඔහු මෙම ලිපියේ තවදුරටත් සඳහන් කර සිටිනවා.
243 Views
Comments