කූරගල නිධන් හෑරූ 04ක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
15

කූරගල නිධන් හෑරූ 04ක් අත්අඩංගුවට

කූරගල නිධන් හෑරූ 04ක් අත්අඩංගුවට

කල්තොට පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී බලන්ගොඩ කල්තොට කූරගල රක්ෂිතයේ නිධන් හාරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කල්තොට පොලිසිය සමත් විය.

 

ඊයේ(14) දහවල් 2.30ට පමණ කල්තොට පොලිසියේ කණ්ඩායමක් විසින් සිදුකළ මෙම වැටලීමේ දී කැණීම් කටයුතු සිදු කිරීමට භාවිතා කළ උපකරණ සහ පුරාවස්තු ලබා ගැනීම සඳහා පූජාවකට සූදානම් කර තිබූ භාණ්ඩ රැසක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

 

වයස අවුරුද 46,45,28 හා 26 වයස්වල පසුවන පිලියන්දල, පොල්ගස්ඕවිට, මහනාන්නේරිය හා ඇහැලියගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

 

අත්අඩංගුවටගත් සැකකරුවන් අද(15) බළන්ගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කල්තොට පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

views

769 Views

Comments

arrow-up