JUL
24
අනවසරයෙන් වැලි ප්‍රවාහනය කල ට්‍රැක්ටරයකට පොලීසිය වෙඩි තබයි

යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටරයකට පොලීසිය අද අළුයම වෙඩි තබා තිබේ.
අනවසර වැලි ජාවාරමක් සම්බන්ධයෙන් පොලීසියට ලද තොරතුරක් මත වැටලීමකට ගිය අවස්ථාවේදී ජාවාරම්කරුවන් එම ස්ථානයෙන් පැන යාමට උත්සාහ කළ අවස්ථාවේදී මෙලෙස පොලිසිය විසින් එම ට්‍රැක්ටර් රථයේ රෝද වලට වෙඩි තබා තිබේ.
පොලිස් වෙඩි ප්‍රහාර හමුවේ ට්‍රැක්ටර් රථය අතහැර දැමූ ජාවාරම්කරුවන් පළා ගොස් ඇති අතර ඔවුන් සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර තිබේ.
579 Views
Comments