බාලවයස්කාර දැරිය සමඟ ප්‍රේමය හා රාගය පටලවාගත් තරුණයාට අත්වූ ඉරණම
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
03

බාලවයස්කාර දැරිය සමඟ ප්‍රේමය හා රාගය පටලවාගත් තරුණයාට අත්වූ ඉරණම

බාලවයස්කාර දැරිය සමඟ ප්‍රේමය හා රාගය පටලවාගත් තරුණයාට අත්වූ ඉරණම

වයස අවුරුදු 15ක බාලවයස්කාර පාසල් දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කර ස්ත්‍රී දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෙරේදා (1) පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ඇලයාපත්තුව පොලිසිය පවසයි.

 

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ දිවයිනේ ප්‍රසිද්ධ ගෘහ විදුලි උපකරණ ආයතනයක සේවයේ නියුතු විසි හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි.

 

වින්දිත දැරිය වයස අවුරුදු 1 දී මව හැර යෑම හේතුවෙන් එතැන් සිට තම මිත්තණිය භාරයේ සිට ඇති බවත්, දැනට මාස 10කට පෙර සැකකරු දැරිය සමග ප්‍රේම සබඳතාවක් ඇති කරගෙන දැරිය රවටා මෙම අපරාධය සිදුකර ඇති බව අනාවරණය වූ බවත් පොලිසිය කියයි.

 

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (2) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් ඇලයාපත්තුව පොලිසිය වැඩි දුර විමර්ශන සිදු කරයි.

views

284 Views

Comments

arrow-up